Monday 26 March 2012

සිහින සිතුවිලි

සිතින් සිත උපදිනා සිතුවිලි
සිතින් සිතකට මහ ගොඩයි
එවන් සිත් අන් සිතක් පිලිබඳ
මවන සිතුවිලි අපමණයි
සිතින් සිත හමු නොවී පුරනා
සෙනෙහෙ සිතුවිලි මා ලඟයි
වෙතත් ඒ සිත නොහඳුනනනා
නපුරු සිත අති නුඹ හැඩයි

සිහිනයක් ලඟ සිතින් හඬනා
බොලඳ සිතුවිලි හිර කරන්
සිත් මලින් පැන ගුවන සරණා
කඳුලු සිතුවිලි ගුලි කරන්
සිහිනයෙන් මුදු සුවඳ විඳිනා
සොඳුරු සිතුවිලි සිහිකරන්
හිස් සිතින් මා සිනාසෙන්නම්
සෙනෙහෙ සිතුවිලි ගොලු කරං

3 comments:

අදහසක් කීමට හිත් වේ නම් නොකියා නොයන්න. සීමා මයිම් නෑ, හිතට එන හැඟීමට නිදහසේ ගැලපෙන්න ඉඩ හරින්න.