Thursday 24 March 2011

නුඹ මගෙයි ආ..දරී














නෙක සිතුවිලි මවනා තරු පහන් රැයේ
මුතු පිණි බිඳු සැලුනා සිසිල දී හදේ
සඳ කැන් රූ අඳිනා නිසල දිය මතේ
ඇවිද එන්න හැකි නම් නුඹ ලඟට ආ..දරී

නෙත සිහිනෙක වෙලෙනා රෑ නිසංසල්
ඉඟි ඹිඟි එලි නිවෙනා සමනොළ වසන්තයේ
කවුළු පියන් නොහැරා සිත තුරුලු කර ලයේ
නෙනිද ඉන්න හැකි නම් නුඹ අගෙයි රූ.. බරී

සිත සිතුවිලි ගලපා හිරු උපන් පැයේ
රස පිරි පෙම් වරුණා අරුත දී අගේ
සවනට නුඹෙ කොඳුරා රහසින් හෙමින් සැරේ
තුරුලට ගත හැකි නම් උණුහුමට පෙම්.. බරී