Tuesday 25 May 2010

සටහන

දන්න කියන කාලෙ ඉඳල ලියන්න කියල ලෙකු ආශාවකුත්, හැකියාවකුත් තිබුනෙ නෑ.

5හේ ශිෂ්‍යත්වෙට අම්ම බැණ බැණ රචනා ලියෙව්ව නම් මතකයි. මම ලියපු රචනා වලට පන්තියෙ අනෙක් එවුන්ට වඩා ලකුණක් දෙකක් වඩිපුර තිබුනත් තමයි. ඒත් ඒක මහ ලොකු හැකියාවක් නම් නෙවෙයි. ඒ හැර තිබුන අවම හැකියාවවත් ඔප මට්ටම් කර ගන්න, දියුණු තියුණු කර ගන්න කියල කරපු කිසියම්ම උත්සාහයකුත් නැතිව ලිවීමේ හැකියාව දියුණු වෙන්න විදිහක් නැහැනෙ.

හැබැයි ටිකක් ලොකු පන්ති වලට එනකොට, ලස්සන කෙල්ලෙක් එහෙම හිතට වදුනහම ඒ ගැන ලියපු කුරුටු ගී, මෙලො හසරක් නොතේරන ගණන් පාඩ‍මේදි පන්තියෙ කොනක ඉඳගෙන සර්ට නෙන්ඩි නොවෙන්න සටහන් පොතේ කුරුටු ගාපු සිතුවිලි, කෙල්ලන්ගෙ autograph වල ලියපු මල් මල් වදන්, දුක, සතුට, සෙනෙහස, මිත්‍රත්වය, ජය, පරාජය හමු‍වේ සිත සංවේදී වෙච්චි ‍මොහොතක Dairy එකේ ලියපු හෑලි, එහෙම නම් තිබුනා.
ඒ දේවල් කොහො ම උනත් මගේ මතකයේ හැටියට ලිවීමේ හැකියාව බිඳක් හෝ ඔප දමාපු කාරණය නම් වෙන දෙයක්.

මගෙ යාලුවෙ දෙතුන් දෙනෙක් උන් යාලු වෙලා හිටපු කෙල්ලන්ට ලියුම් ලියන්න අදහස් ගන්න ආවෙ මගෙන්.අන්න් ඒ වෙලාවටනම් ආයෙ, හොඳට ලූණු ඇඹුල් ඇතිව, හදවත අතට අරගෙන Talk එක දෙන්න දාපු උත්සාහය නම් මේ හැකියාවට යම් පන්නරක් වගේම ඊට අවැසි අශාවකුත් ඇති කළා.

කොහොම නමුත්, කාලයේ වැලි තලාවෙන් වැහිල ගිය ඒ අවශ්‍යතාවයට නව පණක් දුන්නෙ මේ Blogs කියවිල්ල. මුදල් පසුපස හඹායන යාන්ත්‍රීකරණය වෙච්චි ජීවිතයට Blog කියවිල්ල අලුත් අත්දැකීමක් වුනා. ඒවයේ අපේ උන් ලියල තියන සරල, සංවේදී, සංකීර්ණ , අර්ථ ශුන්‍ය , බොලඳ, අන්ඩර දෙමළ Blogs විටෙක සුන්දරයි, විටෙක හැගුම් බරයි, විටෙක ආශ්වාදනීයයි, විටක අපූර්වයි, තවත් විටක නීරසයි, වෙහෙසකරයි, කෙහෙම නමුත් කාලය කා දමන සුලුයි.

මේ Blogs කියවිල්ල අන්තිමට මාත් Blogs ලියන්නෙක් කළා. කොයි තරම් දුරට සාර්ථක වෙයිද? කොයි තරම් කාලයකට ක්‍රියාත්මක වෙයිද? කොයි තරම් ප්‍රමාණයකට අර්ථාන්විත වෙයිද? නම් දන්නෙ නෑ. ඒ කොයිහැටි වෙතත් Try කොරල ම බලන්න එපෑය.

.....෴ ®

1 comment:

  1. ඉලක්කම් එක්ක පොර බදින ජීවිත කවි වෙද්දි සුන්දර වග ......
    හිනාවක හිරකර කියමි මා මිතුර ....
    ලියන්න පද තවත්
    පතමි සුපෑතුමන්.......

    ReplyDelete

අදහසක් කීමට හිත් වේ නම් නොකියා නොයන්න. සීමා මයිම් නෑ, හිතට එන හැඟීමට නිදහසේ ගැලපෙන්න ඉඩ හරින්න.