Tuesday, 5 July 2011

විඳින්න තව සිය වසරක්….


video



පිතු සෙනෙහේ නිවී යන්න
ගණඳුර
ලොව ගිලී උන්න
සසර පුරා පුතුනට බැඳි සෙනෙහේ බැම්මේ
කියන්න
තව එක සැරයක්
නුඹෙ හිතේ සවිය අම්මේ

සඳ සිහිලේ වෙලී ඉන්න
නිදන්න
කවි ගී අහන්න
මතක පුරා ‍රැජිණිය මුදු සෙවනේ දම්මේ
සිඹින්න
තව තව වරයක්
නුඹෙ හිතේ සුවඳ අම්මේ

නෙතු විහිදා බලා ඉන්න
මිහිලිය
ඔබ සිනාසෙන්න
දිනෙක අමා සිහිලස මෙත් පුරනා යා ..මේ
විඳින්න
තව සිය වසරක්
නුඹ හිතේ සුවය අම්මේ


   විඳින්න තව සිය වසරක්…. by ravindumal


විශේෂ ස්තුතිය හඬ මුසුකල අතුල සෙනෙවිරත්න සොයුරාට

3 comments:

  1. රුහිරේම දියවෙලා දුවන
    මෙතරම්ම සෙනෙහසක්
    දරා ඉන්නා කලා වැවදෝ...අම්මා...

    අම්මගෙ ගුණ කඳ කියන්න වචන මදි නේද මේ ලෝකයෙ ?

    හිතට දැනෙන අපූරු පද ටිකක්...

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. අනිවා දිල් මං සැහෙන්න කාලයක් Try කලා අම්ම ගැන වචන කීපයක් අමුණන්න එත් හිතට මදි.

    ReplyDelete

අදහසක් කීමට හිත් වේ නම් නොකියා නොයන්න. සීමා මයිම් නෑ, හිතට එන හැඟීමට නිදහසේ ගැලපෙන්න ඉඩ හරින්න.