Wednesday 25 May 2011

මා නුඹට මුත් නුඹ මෙමට නැති ආදරය…













ගං තෙරට විත් කරදියට නොදැනුනු රසය නම්
රන් රුවට යුත් මල් රොනින් නොපිරෙන අරුම නම්
හිරු සඳුට මුත් සඳ හිරුට නොපුදන එලිය නම්
මා නුඹට මුත් නුඹ මෙමට නැති ආදරය වම්...

ගණඳුර ඇවිත් හද මඬල හඬවන සුසුම නම්
නිදි බර දෙනෙත් නිදි සුවය නොවිඳන මහිම නම්
නෙතු අගට විත් උණු කඳුළු සැඟවෙන රහස නම්
මා නුඹට මුත් නුඹ මෙමට නැති ආදරය වෙම්...

සත්සර සවන් අග වැයෙන වීණා බිහිරි නම්
පින්සර හිතක් මුදු සිසිල දැක තෙත් නොවිනි නම්
පැහැසර දෙනෙත් රත් පියුම් පෙති සේ දිලුනි නම්
මා නුඹට මුත් නුඹ මෙමට නැති ආදරය කිම්...

3 comments:

  1. හුගා කාලෙකින් අලුත් පෝස්ට් එකක්..


    ලස්සනයි

    ReplyDelete
  2. හැගූම් බර පද ටිකක්...හරිම ලස්සනයි... එක දිගට ගීතයක් වගේ කියවගෙන යන්න පුළුවන්.....දිගටම ලියන්න...අපූරු හැකියාවක් ඔයාට තියෙනවා

    පුළුවන්නම් word verifiaction අයින් කරන්න. ඔයාට අදහස් දන්වන අයට ඒක පහසුවක් වේවි

    ReplyDelete
  3. නිර්මාණකරණය තුලින් විඳින ආත්ම තෘප්තියට දිරි දෙන වදනක් තරම් වටිනා අන් යමක් වේද? ලියන්න තරම් ලොකු හැකියාවකුත්, කාලයකුත් නොමැතිවීම නිසාවෙන් ඉඳ හිට තමයි පෝස්ට් එකක් කරන්නෙ. ඒත් ක්ෂණිකව ඊට ලද ප්‍රතිචාර හැබෑම ශක්තියක්, පන්නරයක්. තව තවත් ලියන්න කරන ආදරණීය බල කිරීමක්. බ්ලොග්කරණයට ආගන්තුක නිසාම ඔබෙන් ලබන උපදෙස් හා අදහස් ගෞරවයෙන් පිලිගන්න හැමවිටම සූදානම්. බොහොම ස්තුතියි.

    ReplyDelete

අදහසක් කීමට හිත් වේ නම් නොකියා නොයන්න. සීමා මයිම් නෑ, හිතට එන හැඟීමට නිදහසේ ගැලපෙන්න ඉඩ හරින්න.