නෙක සිතුවිලි මවනා තරු පහන් රැයේ
මුතු පිණි බිඳු සැලුනා සිසිල දී හදේ
සඳ කැන් රූ අඳිනා නිසල දිය මතේ
ඇවිද එන්න හැකි නම් නුඹ ලඟට ආ..දරී
නෙත සිහිනෙක වෙලෙනා රෑ නිසංසල්
ඉඟි ඹිඟි එලි නිවෙනා සමනොළ වසන්තයේ
කවුළු පියන් නොහැරා සිත තුරුලු කර ලයේ
නෙනිද ඉන්න හැකි නම් නුඹ අගෙයි රූ.. බරී
සිත සිතුවිලි ගලපා හිරු උපන් පැයේ
රස පිරි පෙම් වරුණා අරුත දී අගේ
සවනට නුඹෙ කොඳුරා රහසින් හෙමින් සැරේ
තුරුලට ගත හැකි නම් උණුහුමට පෙම්.. බරී
ලස්සනයි !!
ReplyDeleteඅඳින රු රටා සඳ කැන් වැටී හදේ
නිබද සිහි වුනා නුඹ ලඟ බැදුනු සෙනේ
නොලද පෙම පුරා ලතැවුල් පිරී හදේ
කිමද කවි ගොතා රිදවනු මෙලෙස ප්‍රියේ