Wednesday 7 December 2011

වෙනසක් නැති වෙනස
















අවාරෙට පොල් වැටෙන්නා සේ ලිපි ලියන, කවි ගොතන වෘතීය බ්ලොග් කාරයෙකුට උචිතම තේමාවක් වෙනුවෙන්, බ්ලොගයේ නමත් හැඩයත් වෙනස් කළා. නමුත් එහි අන්තර්ගතය හා ව්‍යායාමය නම් එයම වෙවි. "කැලේ මාරු උනාට කොටියගෙ පුල්ලි මාරු වෙන එකක්යැ" සිතුවිලි කළාලය මත නිදහසේ ඇතිරුණ සිතුම්, අකුරු ලෙස අමුණා ලියා තැබිය හැකි අවකාශයක් තමයි මා සෙවුවෙ. හුදෙක්ම ආත්ම තෘප්තිය පතා. ඔබටත් රස ව්ඳිය හැකි මට්ටමක වේ නම්, මොහොතක් නැවතී සැනහෙන්න. අදහසක් කීමට හිත් වේ නම් නොකියා නොයන්න. නින්දා, ප්‍රසංශා, අපහාස, උපහාස, ගුණ, දොස්, අරමුණ, භාෂාව, ව්‍යාකරණ නීති, ඒ කිසිවෙකට සීමා මයිම් නෑ. හිතට එන හැඟීමට නිදහසේ ගැලපෙන්න ඉඩ හරින්න. බොහෝම ස්තුතියි.

1 comment:

  1. නියම අදහසක්.... කවදාවත් උදා නොවන...නමුත් වුවමනාම නම් උදාකරගත හැකි දිනක්...ඔන්න මම කැලැන්ඩරේ වෙනස් කරනව හරිය...

    ReplyDelete

අදහසක් කීමට හිත් වේ නම් නොකියා නොයන්න. සීමා මයිම් නෑ, හිතට එන හැඟීමට නිදහසේ ගැලපෙන්න ඉඩ හරින්න.