Wednesday 26 October 2011

‍රෑ සරා සඳ දු‍ටු ඔය නුරා නෙතු ...
















පෙම් පිරුණු නිල් නුරා නෙතේ
ඉඟි මවන මල් මනාලියේ
හිඳින්න බෑ දැහැන් වැදී
ආදරේ හී සරින් මිදී

රස මියුරු පෙම් සිතාරයේ
තත් වයන සත් සරාවියේ
කිමිදෙන්න මේ හැඟුම් විලේ
ජීවිතේ ගී තයක් වගේ

මඳ සුලඟ සීතලෙන් පිරී
සියොලඟම ආදරෙන් වෙලේ
සිප ගන්න මා මුවින් ඔබේ
යෞවනේ හී නයක් දිගේ

පිනි විසිරි රෑ සරා සඳේ
පිපි සිහින රන් සිනා මුවේ
සිඳලන්න නෑ සදා නුඹේ
සෙනෙහසේ ප්‍රාණයයි මගේ

5 comments:

  1. කාලෙකට පස්සෙ හරිම සුන්දර පද ටික....ආදරේ....අහස තරම්...නේද රවිඳුමල්

    ReplyDelete
  2. බොරු කියන්න ඔනේ නෑ මෙකේ සෳංගාර රසය නම් ලෙසටම තියේ...

    ReplyDelete
  3. @ ඔබ නොදු‍ටු ලොවක් : බොහොමත්ම ස්තුතියි වචනයක් ලියල ගියාට..

    @දිල් : හ්ම්ම් ආදරය විඳින්න විඳින්න ඊට ලෝබ හිතෙනවද මන්ද , ස්තුතියි දිල්.

    @සඳා : උත්සාහය සාර්ථකයි කියල හිතෙන්ව. බොහොමත්ම ස්තුතියි.

    ReplyDelete
  4. ලස්සන පද ටිකක්...ගීතයකට හොඳයි වගේ...අර කිව්වා වගේ ශ්රුන්ගාර රසයනම් තියනවා තමා :)

    ReplyDelete

අදහසක් කීමට හිත් වේ නම් නොකියා නොයන්න. සීමා මයිම් නෑ, හිතට එන හැඟීමට නිදහසේ ගැලපෙන්න ඉඩ හරින්න.