Wednesday, 25 May 2011

මා නුඹට මුත් නුඹ මෙමට නැති ආදරය…













ගං තෙරට විත් කරදියට නොදැනුනු රසය නම්
රන් රුවට යුත් මල් රොනින් නොපිරෙන අරුම නම්
හිරු සඳුට මුත් සඳ හිරුට නොපුදන එලිය නම්
මා නුඹට මුත් නුඹ මෙමට නැති ආදරය වම්...

ගණඳුර ඇවිත් හද මඬල හඬවන සුසුම නම්
නිදි බර දෙනෙත් නිදි සුවය නොවිඳන මහිම නම්
නෙතු අගට විත් උණු කඳුළු සැඟවෙන රහස නම්
මා නුඹට මුත් නුඹ මෙමට නැති ආදරය වෙම්...

සත්සර සවන් අග වැයෙන වීණා බිහිරි නම්
පින්සර හිතක් මුදු සිසිල දැක තෙත් නොවිනි නම්
පැහැසර දෙනෙත් රත් පියුම් පෙති සේ දිලුනි නම්
මා නුඹට මුත් නුඹ මෙමට නැති ආදරය කිම්...