මා සිහින යෟවවනේ පෙම් රැඡිණියේ නුඹයි
නිල්දිය පිරුණු විල්තෙරේ සුපිපුණ සුවඳ මල නුඹයි
මල් නොපිපි මාවතේ මා ගිය දුර බොහෝ දුරයි
නුඹ තවම එතැනමයි ලෙන්ගතු මල් සුවඳ ලඟයි
සෙනහසක් නමින් ඉපැදුණ ජීවිතේ පැතුම්
සිහිනයක් ලෙසින් බොඳවුන ප්‍රේමයේ හැඟුම්
එක සිතින් දරා නෙසැලෙන මහමෙරක් ලෙසින්
නුඹ බලා හිඳී පෙර මඟ
මනමාල සිත කොහේ දුටුවෙද ආදරේ උතුම්
මා සිහින යෟවවනේ පෙම් රැඡිණියේ නුඹයි. . . .
මිටින් මුදා හල පෙම් සිත ඉගිලිලා ගොසින්
සියොලඟම වෙලී රස දෙන හසඟනන් මතින්
එක රැයක් පුරා නිදි නැති නෙත් කෙවෙනි හැරන්
මා බලා හිඳී ආ මඟ
නොමනාප සිත කෙසේ පිරුවෙද පාරමී පැතුම්
මා සිහින යෟවවනේ පෙම් රැඡිණියේ නුඹයි. . . .
.....෴ ®
No comments:
Post a Comment
අදහසක් කීමට හිත් වේ නම් නොකියා නොයන්න. සීමා මයිම් නෑ, හිතට එන හැඟීමට නිදහසේ ගැලපෙන්න ඉඩ හරින්න.