Wednesday, 13 July 2011

චරිත

මා දුටු, නොදුටු ඇයද
මා ඇසූ නොඇසූ ඔහුද
මා හඳුනන, නොහඳුනන ඔවුන්ද
මනංකල්පිත මනෝ ලෝකය මත ඉතිරි කළ මතක,

 චරිත

ඒ ඔබ විය නොහැකිද ?

සැ.යු. - මගේ කථා උත්සාහය පුරා ජීවත් වන "මම",  ඇත්තටම මම ( ravindumal) නම් නොවේ. මා සතු සමහර අනන්‍යතා අඩු වැඩි ලෙස එහි අන්තර් ගත විය හැකි අතර මමද මා ඇසූ දු‍ටු හමුවූ අය සේම මගේ සිහින ලොවට බලෙන්න්ම ඇතුලුවී එහි කරක් ගැසූ නා නා විදි මිනිස්සුන්ගෙ අපැහැදිලි පිය සටහන මතින් ගොඩනැඟුණු තවත් චරිතයක් බව කිව මනාය.

Tuesday, 5 July 2011

විඳින්න තව සිය වසරක්….






පිතු සෙනෙහේ නිවී යන්න
ගණඳුර
ලොව ගිලී උන්න
සසර පුරා පුතුනට බැඳි සෙනෙහේ බැම්මේ
කියන්න
තව එක සැරයක්
නුඹෙ හිතේ සවිය අම්මේ

සඳ සිහිලේ වෙලී ඉන්න
නිදන්න
කවි ගී අහන්න
මතක පුරා ‍රැජිණිය මුදු සෙවනේ දම්මේ
සිඹින්න
තව තව වරයක්
නුඹෙ හිතේ සුවඳ අම්මේ

නෙතු විහිදා බලා ඉන්න
මිහිලිය
ඔබ සිනාසෙන්න
දිනෙක අමා සිහිලස මෙත් පුරනා යා ..මේ
විඳින්න
තව සිය වසරක්
නුඹ හිතේ සුවය අම්මේ


   විඳින්න තව සිය වසරක්…. by ravindumal


විශේෂ ස්තුතිය හඬ මුසුකල අතුල සෙනෙවිරත්න සොයුරාට

Wednesday, 25 May 2011

මා නුඹට මුත් නුඹ මෙමට නැති ආදරය…













ගං තෙරට විත් කරදියට නොදැනුනු රසය නම්
රන් රුවට යුත් මල් රොනින් නොපිරෙන අරුම නම්
හිරු සඳුට මුත් සඳ හිරුට නොපුදන එලිය නම්
මා නුඹට මුත් නුඹ මෙමට නැති ආදරය වම්...

ගණඳුර ඇවිත් හද මඬල හඬවන සුසුම නම්
නිදි බර දෙනෙත් නිදි සුවය නොවිඳන මහිම නම්
නෙතු අගට විත් උණු කඳුළු සැඟවෙන රහස නම්
මා නුඹට මුත් නුඹ මෙමට නැති ආදරය වෙම්...

සත්සර සවන් අග වැයෙන වීණා බිහිරි නම්
පින්සර හිතක් මුදු සිසිල දැක තෙත් නොවිනි නම්
පැහැසර දෙනෙත් රත් පියුම් පෙති සේ දිලුනි නම්
මා නුඹට මුත් නුඹ මෙමට නැති ආදරය කිම්...

Thursday, 24 March 2011

නුඹ මගෙයි ආ..දරී














නෙක සිතුවිලි මවනා තරු පහන් රැයේ
මුතු පිණි බිඳු සැලුනා සිසිල දී හදේ
සඳ කැන් රූ අඳිනා නිසල දිය මතේ
ඇවිද එන්න හැකි නම් නුඹ ලඟට ආ..දරී

නෙත සිහිනෙක වෙලෙනා රෑ නිසංසල්
ඉඟි ඹිඟි එලි නිවෙනා සමනොළ වසන්තයේ
කවුළු පියන් නොහැරා සිත තුරුලු කර ලයේ
නෙනිද ඉන්න හැකි නම් නුඹ අගෙයි රූ.. බරී

සිත සිතුවිලි ගලපා හිරු උපන් පැයේ
රස පිරි පෙම් වරුණා අරුත දී අගේ
සවනට නුඹෙ කොඳුරා රහසින් හෙමින් සැරේ
තුරුලට ගත හැකි නම් උණුහුමට පෙම්.. බරී 




Sunday, 10 October 2010

රුසිරු ලන්ඳූ













මලක පෙති අග රැඟුම් රැන්ඳූ
ම‍ලෙහි පැහැයට ලොබ නොබැන්ඳූ
නවමු සිහිලැල් තුෂර බිංදූ
දිලෙන දිනකර දැක නොරැන්ඳූ

තුරුණු නෙතඟර සිහින කැන්ඳූ
සවන ලවනත මිහිර රැන්ඳූ
නොපිපි මුව පියුමෙහි නොරැන්ඳූ
සෙනෙහෙ දොරඟුලු මහද බැන්ඳූ

රුසිරු ලෙව ජය කෙහෙලි නැංවූ
කනක මිණි අබරණ පැලැන්ඳූ
දිළෙන රන් වත හිමි නොවන්දූ
සෙනෙහෙ අඩුවෙද රුසිරු ලන්ඳූ