Sunday 26 September 2010

විහඟ ගීතය




















විහඟුන් ඉගිල ගියාවේ

ඈ...නෙතු දැහැනින් මිදි රුවන් විමානේ
සිහින බිදේව්   
හද පැතුම් මියේවි

විහඟුන් ඉගිල ගියාවේ.
රෑ... සඳ ඇවිදින් තනි  යහන් තලාවේ.
කඳුලු පිරේවි
සිත හඬා වැටේවි

මල් හීසර වැදිලා ‍ මල් මුවරද රොනින් පිරේවි
පෙම් ගී හඬ ඇසිලා දෙසවන් අග මිහිර නැ‍ඟේවි
සිහින‍යෙ මල් පිපිලා රන් අරුණළු මුවඟ සිඹීවි
ජීවිතයම දිනලා හිස මත මිණි කිරැළු දරාවි

විහඟුන් ඉගිල ගියා...වේ.

ඊර්ෂ්‍යා සිත් සනහා තුඩු තුඩ රහසක් කොඳුරාවි
මෝහය හද රවටා කෙම්බිම කතරට මුහුයාවි
ගහ කොළ නිල වනසා අතු අග පිපි මල් ගිලිහේවි
විහඟ ගීත පරදා කඟ අසිපත් අහසේ ලෙල දේවි



විහඟුන් ඉගිල ගියාවේ.
රෑ සඳ ඇවිදින් තනි  යහන් තලාවේ.
කඳුලු පිරේවි
සිත හඬා වැටේවි

විහඟුන් ඉගිල ගියාවේ
ඈ...නෙතු දැහැනින් මිදි රුවන් විමා..නේ
සිහින බිදේව්   
හද පැතුම් මියේවි